සූරා 17 · ජුස් 15

Al-Isra · 17:35

وَأَوْفُوا الْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

තවද නුඹලා මනින විට මිණුම සම්පූර්ණ කරනු. තවද නිවැරදි තුලාවකින් නුඹලා කිරනු. එය උතුම්ය. තවද අවාසානයේ ද වඩාත් අලංකාරය.

තෆ්සීර්

නුඹලා වෙනත් අයට කිරා දෙන විට කිරුම පූර්ණවත් කරනු. එහි අඩුවක් නොකරනු. කිසිදු අඩුවක් නොකර මිම්මට මණිනු. එහිද වංචා නොකරනු. කිරුම් හා මිණුම් එසේ පූර්ණව ඉටු කිරීම මෙලොවටත් මතුලොවටත් නුඹලාට යහපත් වන්නේය. එමෙන්ම කිරුම් මිණුම්වල අඩු පාඩු කරමින් වංචා කරන්නන්ගේ අවසානයට වඩා එය වඩාත් යහපත්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න