සූරා 17 · ජුස් 15
Al-Isra · 17:34
وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۚ وَأَوْفُوا بِالْعَهْدِ ۖ إِنَّ الْعَهْدَ كَانَ مَسْئُولًا
තවද අනාථයාගේ වස්තුවට ඔහු වැඩිවියට පත් වන තෙක් වඩාත් යහපත් වනුයේ කුමක් ද එවැනි දෙයකින් හැර නුඹලා සමීප නොවනු. තවද නුඹලා ගිවිසුම පූර්ණවත් කරනු. නියත වශයෙන්ම ගිවිසුම විමසනු ලබන්නක් විය.
තෆ්සීර්
පියාණන් මිය ගිය දරුවන්ගේ ධනය, ඔවුනට පූර්ණ බුද්ධිය හා මඟපෙන්වීම ලබන තෙක් ඔවුනට වඩා ප්රයෝනජවත් වන පරිදි එය වර්ධනය කිරීම හා එය ආරක්ෂා කිරීම සඳහා මිස, නුඹලා ඒවා පරිහරනය නොකරනු. නුඹලා අතර හා අල්ලාහ් අතර පවතින ගිවිසුම් හා නුඹලා අතර හා ඔහුගේ ගැත්තන් අතර පවතින ගිවිසුම් කිසිදු උල්ලංඝණය කිරීමකින් තොර ව, අඩුපාඩු සිදු කිරීමකින් තොර ව නුඹලා පූර්ණ ව ඉටු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දුන් ගිවිසුම පිළිබඳ සැබැවින්ම අල්ලාහ් ප්රශ්න කරනු ඇත. ඔහු එය ඉටු කර ඇත්නම් ඔහුට තිළිණ පිරිනමයි. ඔහු එය ඉටු කර නොමැති නම් ඔහුට දඬුවම් කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න