සූරා 17 · ජුස් 15
Al-Isra · 17:33
وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ۗ وَمَنْ قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِفْ فِي الْقَتْلِ ۖ إِنَّهُ كَانَ مَنْصُورًا
අල්ලාහ් තහනම් කළ ආත්මයක් යුක්තියකින් තොර ව නුඹලා ඝාතනය නොකරනු. තවද කවරෙකු අපරාධ කරනු ලැබූවකු ලෙසින් ඝාතනය කරනු ලැබුවේ ද ඔහුගේ භාරකරුට සැබැවින්ම අපි බලයක් පැවරුවෙමු. නමුත් ඔහු ඝාතනය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා නොයා යුතුය. නියත වශයෙන්ම ඔහු උදව් කරනු ලබන්නෙකි.
තෆ්සීර්
ආගම් ද්රෝහියෙකු වීම හෝ විවාහ වීමෙන් පසු අනාචාරයේ යෙදීම හෝ මරණීය දඬුවම යනාදී හේතුවක් මත මිස දේව විශ්වාසය හෝ පැවරුමක් හේතුවෙන් අල්ලාහ් ආරක්ෂා කළ ආත්මයක් නුඹලා ඝාතනය නොකරනු. මරණ දඬුවම ක්රියාත්මක කිරීම සඳහා අනුමත වූ හේතුවකින් අසාධාරණ ලෙස කවරෙකු ඝාතනය කරනු ලබන්නේ නම් ඔහුගෙන් පසු ඔහුගේ කටයුතු සඳහා උරුමකම් කියන්නන්හට ඝාතකයා සම්බන්ධයෙන් ආධිපත්ය දරන්නට ඉඩ සලසා දුනිමු. ඒ අනුව සම ප්රතිචාරයක් (පළිගැනීමක් වශයෙන්) වශයෙන් ඔහුව ඝාතනය කරන මෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඔහුට ඇත. කිසිදු වන්දියකින් තොර ව සමාව දීමේ අයිතිය ද ඔහුට ඇත. එමෙන්ම සමාව දී වන්දි ලබා ගැනීමේ අයිතිය ද ඔහුට ඇත. ඝාතකයා ලෙස ක්රියා කිරීම හෝ ඝාතන කිරීමේ හේතුව මත නොව වෙනත් හේතුවක් මත ඝාතනය කිරීම හෝ ඝාතකයා හැර වෙනත් කෙනෙකු ඝාතනය කිරීම වැනි ව්යාජ කරුණු මුල් කර ගනිමින් අල්ලාහ් අනුමත කළ සීමාවන් ඉක්මවා කටයුතු නොකළ යුතුයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න