සූරා 17 · ජුස් 15

Al-Isra · 17:31

وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ خَشْيَةَ إِمْلَاقٍ ۖ نَحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ ۚ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْئًا كَبِيرًا

දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා මරා නොදමනු. ඔවුන්ට ද නුඹලාට ද පෝෂණය ලබා දෙනුයේ අපය. නියත වශයෙන්ම ඔවුන් ව මරා දැමීම මහත් පවක් විය.

තෆ්සීර්

නුඹේ දරුවන් වෙනුවෙන් ආනාගතයේ දී වියදම් කිරීමට සිදු වන විට දිළිඳුකම ඇතිවෙිවි යන බියෙන්, නුඹලාගේ දරුවන් නුඹලා මරා නොදමනු. ඔවුන් පෝෂණනය කිරීමේ වගකීම අපි භාරගන්නෙමු. නුඹලා පෝෂණය කිරීමේ වගකීම භාර ගෙන ඇත්තේ ද අපමය. නුඹලා ඔවුන් මරා දමන්නෙහු නම් එය මහත් පාපයක් වන්නේය. එවිට ඔවුනට (දරුවන්ට) කිසිදු පවත් අත්වන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ මරණය අනිවාර්යය කළ හේතුව ද ඔවුනට අදාළ වන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න