සූරා 17 · ජුස් 15

Al-Isra · 17:30

إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහු කැමැති අයට පෝෂණය වීවෘත කර දෙයි. එමෙන්ම ඔහු ව සීමා ද කරයි. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ මනා ඥානය ඇති සර්ව නිරීක්ෂක විය.

තෆ්සීර්

සැබැවින්ම නුඹේ පරමාධිපති මහා ප්රඥාවක් හේතුවෙන් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තමන් අභිමත කරන අයට ඒවා සීමා කරයි. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන් පිළිබඳ මැනවින් දන්නාය, සර්ව නිරීක්ෂකය. ඔවුන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු අභිමත කරන පරිදි ඔහුගේ කටයුතු ඔවුන් අතර ක්රියාත්මක කරයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න