සූරා 17 · ජුස් 15
Al-Isra · 17:29
وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَحْسُورًا
තවද නුඹ නුඹගේ අත නුඹගේ ගෙල වෙත විලංගු දමනු ලබන්නක් බවට පත් නොකරනු. තවද සම්පූර්ණ විවෘත කිරීමකින් නුඹ එය විවෘත නොකරනු. එවිට නුඹ (කිසිවක් නොමැති ව) නිරාවරණය වූ දොස් නගනු ලබන්නකු බවට පත් වනු ඇත.
තෆ්සීර්
වියදම් කිරීමෙන් නුඹේ දෑත වළක්වා නොගනු. වියදමෙහි නුඹ නාස්ති නොකරනු. වියදම් කිරීමෙන් නුඹ නුඹේ දෑත් වළක්වා ගත්තෙහි නම් නුඹේ මසුරුකම ගැන ජනයා නුඹට දොස් පවරන තත්ත්වයට නුඹ පත් වන්නෙහිය. එමෙන්ම නුඹේ නාස්ති නිසාවෙන් අවශ්ය දෑ සඳහා වියදම් කිරීමෙන් තහනම් කරනු ලබන තත්ත්වයට නුඹ පත් වන්නෙහිය. එවිට නුඹට විදයම් කරන දැයක් නොලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න