සූරා 17 · ජුස් 15

Al-Isra · 17:28

وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاءَ رَحْمَةٍ مِنْ رَبِّكَ تَرْجُوهَا فَقُلْ لَهُمْ قَوْلًا مَيْسُورًا

නුඹගේ පරමාධිපතිගෙන් නුඹ බලාපොරොත්තු වන දයාලුභාවය අපේක්ෂාවෙන් ඔවුන්ගෙන් නුඹ වැළකෙන්නෙහි නම් එවිට නුඹ ඔවුනට පහසු වදනින් අමතනු.

තෆ්සීර්

නුඹට අල්ලාහ් පෝෂණ සම්පත් විස්තීරණ කර දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිට, ඔවුනට පිරිනැමිය යුතු දෑ නුඹට නොලැබීම හේතුවෙන් එසේ ඔවුනට පිරිනැමීමෙන් නුඹ වැළකෙන්නේ නම්, පෝෂණ සම්පත් වල අභිවෘද්ධිය සඳහා ඔවුන් වෙනුවෙන් නුඹ ප්රාර්ථනා කරන බවට පවසමින් අල්ලාහ් නුඹට ධන සම්පත් ලබා දුන් විටෙක නුඹ ඔවුනට එයින් පිරිනමන බව ප්රතිඥා දෙමින් මෘදු සැහැල්ලු වදනින් ඔවුන් සමග කතා කරනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න