සූරා 17 · ජුස් 15

Al-Isra · 17:27

إِنَّ الْمُبَذِّرِينَ كَانُوا إِخْوَانَ الشَّيَاطِينِ ۖ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا

නියත වශයෙන්ම නාස්තිකාරයින් ෂෙයිතානුන්ගේ සහෝදරයෝ වූහ. තවද ෂෙයිතාන් තම පරමාධිපතිට මහා ගුණමකුවකු විය.

තෆ්සීර්

සැබැවින්ම තම ධනය පාපකාරී කටයුතුවල වියදම් කරන්නන් හා වියදමෙහි නාස්ති කරන්නන් වනාහි, ඔවුහු ෂෙයිතානුනන්ගේ - නපුරු බලවේගනයන්ගේ - සහෝදරයෝ වෙති. ඔවුන් කවර දෙයක් නාස්ති කරන්නටත්, අපතේ යවන්නටත් ඔවුනට නියෝග කරන්නේ ද ඒ සම්බන්ධයෙන් ඔවුහු ඔවුනට අවනත වෙති. ෂෙයිතාන් තම පරමාධිපතිට ගුණමකු විය. පාපය ඇති දෑ මිස වෙනත් කිසිවක් ඔහු සිදු නොකරයි. දෙවියන්ට කෝපය ඇතිවන දෑ මිස වෙනත් කිසිවක් නියෝග නොකරයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න