සූරා 17 · ජුස් 15
Al-Isra · 17:26
وَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا
සමීප ඥාතියාට ඔහුගේ උරුමය නුඹ දෙනු. තවද දුගියාට හා මගියාට ද දෙනු. තවද නුඹලා නාස්තිකාර ලෙසින් අපතේ නොයවනු.
තෆ්සීර්
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සමීප ඥාතියාහට ඔහුගේ ඥාතී සම්බන්ධතාවයේ උරුමය පිරිනමනු. අවශ්යතා ඇති දිළිඳාහටද පිරිනමනු. අතරමං වූ අයහටද පිරිනමනු. පාපකාරී කටයුතුවල මෙන්ම නාස්ති කාරී අයුරින් ඔබේ ධනය වියදම් නොකරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න