සූරා 17 · ජුස් 15
Al-Isra · 17:25
رَبُّكُمْ أَعْلَمُ بِمَا فِي نُفُوسِكُمْ ۚ إِنْ تَكُونُوا صَالِحِينَ فَإِنَّهُ كَانَ لِلْأَوَّابِينَ غَفُورًا
නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සිත් තුළ ඇති දෑ මැනවින් දන්නාය. නුඹලා දැහැමියන් වන්නේ නම් නියත වශයෙන්ම ඔහු (පසුතැවිලි වී ඔහු වෙත) නැඹුරුවන්නන්හට අති ක්ෂමාශීලී විය.
තෆ්සීර්
අහෝ ජනයිනි! නැමදුම්, යහකම් හා දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම යනාදියෙහි නුඹලා සඟවාගෙන සිටින අවංකභාවය පිළිබඳ නුඹේ පරමාධිපති මැනවින් දන්නාය. නුඹලාගේ නැමදුම්වල හා නුඹලාගේ දෙමාපියන් සමග මෙන්ම වෙනත් අය සමග කරන ගනුදෙනුවල දී නුඹලාගේ චේතනාව යහපත් වී නම්, සැබැවින්ම ශුද්ධවන්තයාණෝ පාපක්ෂමාව පතමින් ඔහු වෙත අපේක්ෂා තබන්නන්හට අතික්ෂමාශීලීය. ඔහුගේ පරමාධිපතිට අවනත වීමෙහි හා ඔහුගේ දෙමව්පියන්ට කීකරු වීමෙහි ඔහු විසින් සිදු වූ අඩුපාඩු වෙනුවෙන් සමාව ඉල්ලා සිටින්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න