සූරා 17 · ජුස් 15
Al-Isra · 17:23
۞ وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۚ إِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا
නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකළ යුතු බවටත් දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචනයෙන්) නොපවසනු. තවද ඔවුන් දෙදෙනා සමග පිළිකුල් අයුරින් කටයුතු නොකරනු. ඔවුන් දෙදෙනාව ගෞරවනීය වදනින් අමතනු.
තෆ්සීර්
අහෝ ගැත්තනි! ඔහු හැර වෙනත් කිසිවකු නැමදුම් නොලැබිය යුතු යැයි නුඹේ පරමාධිපති නියෝග කළේය. අනිවාර්යය කළේය. දෙමාපියන්ට විශේෂයෙන් ඔවුන් වැඩිහිටි භාවයට පත් වූ විට ඇප උපස්ථාන කරන මෙන් ඔහු නියෝග කළේය. ඔබ ළඟ දෙමාපියන්ගෙන් කෙනෙකු වැඩිහිටිභාවයට පත් වූයේ නම් හෝ ඔවුන් දෙදෙනාම එම තත්ත්වයට ළඟා වූයේ නම් හෝ පිළිකුල දන්වන පරිදි "චී" යන වචනයෙන් (පවා) හෝ ඔවුන් දෙදෙනා අපහසුතාවට පත් නොකරනු. ඔවුන් දෙදෙනා පළවා නොහරිනු. කතාවෙහි ඔවුන් දෙදෙනා ඉක්මවින් දරුණු ලෙස කතා නොකරනු. ඉතා සියුම් හා මෘදු ගෞරවණීය වචනයෙන් ඔවුන් දෙදෙනාට නුඹ ආමන්ත්රණය කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න