සූරා 17 · ජුස් 15
Al-Isra · 17:21
انْظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ ۚ وَلَلْآخِرَةُ أَكْبَرُ دَرَجَاتٍ وَأَكْبَرُ تَفْضِيلًا
ඔවුන්ගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අපි උසස් කළේ කෙසේ දැයි නුඹ අධීක්ෂණයෙන් යුතු ව බලනු. තවද මතු ලොව තරාතිරම් වලින් අති මහත්ය. එමෙන්ම මහිමයට පත් කිරීමෙන් ද අති මහත්ය.
තෆ්සීර්
මෙලොව පෝෂණ සම්පත් හා තාරාතිරම් අතර ඇතැමෙකුට වඩා ඇතැමෙක් අපි උසස් කර ඇත්තේ කෙසේ දැයි අහෝ දූතය! සිතා බලනු. මෙලොව ජීවිතයේ විවිධ තරාතිරමින් පවතින, සැප පහසුකම් අතර මතුලොවෙහි ඇති දෑ වඩාත් වෙනස්ය, විවිධාකාරය. වඩාත් උසස් ය. දේව විශ්වාස කරන්නා ඒ ගැන ආශා කරත්වා.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න