සූරා 17 · ජුස් 15
Al-Isra · 17:19
وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ كَانَ سَعْيُهُمْ مَشْكُورًا
කවරෙකු මතු ලොව අපේක්ෂා කොට දේව විශ්වාසවන්තයකු ව සිට ඒ වෙනුවෙන් එහි මහත් පරිශ්රමයකින් වෙහෙසෙන්නේ ද එවිට ඔවුන්ගේ පරිශ්රමය කෘතඥතාවට ලක් වූවෝ ඔවුහුමය.
තෆ්සීර්
කවරෙකු විශ්වාස කරන මෙන් අල්ලාහ් අනිවාර්යය කළ දෑ විශ්වාස කරමින් දැහැමි ක්රියාවන් තුළින් මතුලොව තිළිණ අපේක්ෂා කර මුහුණිච්චාවෙන් හෝ කීර්තිය බලාපොරොත්තුවෙන් තොර ව එහි කැපවී කටයුතු කරන්නේ ද, මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවුන්ගේ කැපවීම අල්ලාහ් අබියස පිළිගනු ලබන්නක් වන්නේය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න