සූරා 17 · ජුස් 15
Al-Isra · 17:18
مَنْ كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاءُ لِمَنْ نُرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلَاهَا مَذْمُومًا مَدْحُورًا
කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසු ව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත.
තෆ්සීර්
කවරෙකු මතුලොව පිළිබඳ විශ්වාස නොකර ඒ ගැන සැලකිලිමත් නොවී මෙලොව ජීවිතයේ යහ ක්රියාවන් කිරීමට අපේක්ෂා කරන්නේ ද ඔහුට ඔහු අභිමත කරන සැප සම්පත් නොව අප අභිමත කරන දෑ එසේ අපි සිදු කිරීමට අපේක්ෂා කළ තැනැත්තන්හට අපි ඉක්මන් කර දෙන්නෙමු. පසුව අපි ඔහු වෙනුවෙන් නිරය සූදානම් කර ඇත්තෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි පිවිස එහි උෂ්ණය ඔහු විඳිනු ඇත. එය ඔහු මෙලොව තෝරාගෙන මතුලොව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් අවමානයට පත් කිරීමක් හා අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලබන්නක් ලෙසිනි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න