සූරා 17 · ජුස් 15

Al-Isra · 17:12

وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ ۖ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ وَلِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ ۚ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلًا

රාත්‍රිය හා දහවල සංඥාවන් දෙකක් බවට අපි පත් කළෙමු. එවිට අපි රාත්‍රියේ සංඥාව මකා දමා දහවලේ සංඥාව පෙනෙන්නක් බවට පත් කළෙමු. එය නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍ය්‍ය සොයනු පිණිසත් වසර ගණන් හා කාල ගණනය නුඹලා දැන ගනු පිණිසත්ය. තවද සියලු දෑ අපි විස්තරාත්මකව පැහැදිලි කළෙමු.

තෆ්සීර්

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය විදහා පාන සංඛේත දෙකක් ලෙස රාත්රිය හා දහවල අපි මවා ඇත්තෙමු. එය ඒ දෙකෙහි ඇති දිගු භාවය, කෙටි භාවය, උෂ්ණත්වය හා සීතල වැනි වෙනස්කම් හේතුවෙනි. විවේකය හා නින්ද සඳහා අපි රාත්රිය අඳුරු බවට පත් කළෙමු. අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් නුඹලාට නියම කළ ඔහුගේ පෝෂණ සම්පත් නුඹලා සොයනු පිණිස අපි දහවල ආලෝකය ගෙන දෙන්නක් බවට පත් කළෙමු. ඒවා එකිනෙක පසුපස හඹා යෑමෙන් නුඹලා වර්ෂ ගණනය ද මාස, දින හා හෝරාවන් යනාදී ලෙසින් කාල ගණනයට අවැසි වන කාල වේලාවන් ද නුඹලා දැනගනු පිණිසත්ය. තවද කරුණු වෙන්කර ගත හැකිවනු පිණිස අපි සියලු දෑ විස්තරාත්මකව පැහැදිලි කර ඇත්තෙමු. එහෙයින් අසත්යවාදියා කවුරුන් ද යන්න සත්යවාදියාට පැහැදිලි වනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න