සූරා 17 · ජුස් 15

Al-Isra · 17:11

وَيَدْعُ الْإِنْسَانُ بِالشَّرِّ دُعَاءَهُ بِالْخَيْرِ ۖ وَكَانَ الْإِنْسَانُ عَجُولًا

තවද යහපත පිළිබඳ මිනිසා පතනවාක් මෙන් අයහපත පිළිබඳව ද ඔහු පතයි. තවද මිනිසා ඉක්මන් සුළු විය.

තෆ්සීර්

මිනිසා යහපත සඳහා තමන් වෙනුවෙන් ප්රාර්ථනා කරන්නාක් මෙන්ම කෝපයට පත් වූ අවස්ථාවේ තමන්ටත් තම දරුවන්ටත් තම දේපළටත් එරෙහි ව අහිතක් වේවා යැයි ශාප කර ගනියි. ඔහුගේ නපුරු ප්රාර්ථනාවට අපි පිළිතුරු දුන්නේ නම්, ඔහු විනාශ වී යනු ඇත. ඔහුගේ සම්පත් ද, ඔහුගේ දරුවන් ද විනාශ වී යනු ඇත. මිනිසා ඉක්මන් සුළුභාවයෙන් වෙළී සිටියි. තමන්ට හානි දායක දෑ ඉක්මණින් පතනුයේ එබැවිණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න