සූරා 17 · ජුස් 15

Al-Isra · 17:110

قُلِ ادْعُوا اللَّهَ أَوِ ادْعُوا الرَّحْمَٰنَ ۖ أَيًّا مَا تَدْعُوا فَلَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَٰلِكَ سَبِيلًا

නුඹලා අල්ලාහ් යැයි අමතනු. නැතහොත් රහ්මාන් යැයි අමතනු. නුඹලා කවර දෙයක් පවසා ඇමතුව ද ඔහුට අලංකාර නාමයන් ඇත. තවද නුඹගේ සලාතය හඬ නගා ඉටු නොකරනු. තවද එය පහත් හඬින් ද ඉටු නොකරනු. ඒ අතර වූ මාර්ගයක් සොයනු.

තෆ්සීර්

‘අහෝ දෙවිඳුනි! අහෝ කරුණාවන්තයාණනි!’යැයි පවසමින් නුඹ ප්රාර්ථනා කිරීම හෙළා දකින්නන්හට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු, අල්ලාහ් (දෙවියන්), අර්රහ්මාන් (කරුණාවන්තයාණන්) යන නාම පද දෙක ශුද්ධවන්තයාණන් සතු නම් දෙකකි. එහෙයින් ඒ දෙකින් කවර හෝ නාමයකින් හෝ ඔහුගේ අනෙකුත් අලංකාර නාම අතරින් කවර හෝ නාමයකින් හෝ අමතා ඔහුගෙන් ප්රාර්ථනා කරනු. නුඹේ සලාතයේදී අල් කුර්ආනය උස් හඩින් පාරායනය නොකරනු. එවිට දෙවියන්ට ආදේශ තබන්නෝ නුඹට සවන් දෙති. එමෙන්ම එය පහත් හඬින් ද පාරායනය නොකරනු. එවිට දේවත්වය විශ්වාස කරන්නන් එයට සවන් දිය නොහැකි වන්නේය. මේ කරුණු දෙකින් මධ්යස්ත පිළිවෙතක් සොයනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න