සූරා 17 · ජුස් 15
Al-Isra · 17:111
وَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَلَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ ۖ وَكَبِّرْهُ تَكْبِيرًا
සියලු ප්රශංසා අල්ලාහ්ටමය. (ඔවුන් පවසන අන්දමින්) ඔහු වනාහි ඔහු දරුවෙකු නොගත්තේ ය. තවද පාලනයෙහි ඔහුට කිසිදු හවුල්කරුවකු ද නොවීය. දුර්වලතාවෙන් යුත් ආරක්ෂකයින් ද නොවීය යැයි නුඹ පවසනු. තවද නුඹ ඔහු ව අති ශ්රේෂ්ඨ අන්දමින් විභූතිමත් කරනු.
තෆ්සීර්
දරුවකු ගැනීමෙන් පිවිතුරු වූ හවුල් කරුවන් ගැනීමෙන් පිවිතුරු වූ සියලු වර්ගයේ ප්රශංසාවන්ට සුදුසුකම්ලාභී අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමිය. ඔහුගේ පාලනයේ ඔහුට කිසිදු හවුල් කරුවකු නැත. ඔහුට කිසිදු අවමානයක් හෝ අපහාසයක් හෝ ඇති වන්නේ නැත. ඔහුට උපකාර කරන, ඔහුට ගෞරවය කරන, ඔහුට අධික ලෙස ගරුබුහුමන් කරන, කිසිවකුගේ අවශ්යතාවක් ඔහුට නැත. එහෙයින් ඔහුගේ පාලනයේ ඔහුට දරුවකු හෝ හවුල්කරුවකු හෝ ඇතැයි ද උපකාර කරන කිසියම් උදව්කරුවකු ඇතැයි ද නුඹ ඔහු ට ආරෝපණය කර නොපවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න