සූරා 17 · ජුස් 15

Al-Isra · 17:107

قُلْ آمِنُوا بِهِ أَوْ لَا تُؤْمِنُوا ۚ إِنَّ الَّذِينَ أُوتُوا الْعِلْمَ مِنْ قَبْلِهِ إِذَا يُتْلَىٰ عَلَيْهِمْ يَخِرُّونَ لِلْأَذْقَانِ سُجَّدًا

නුඹලා එය විශ්වාස කරනු. නැතහොත් විශ්වාස නොකරනු යැයි (නබිවරය) නුඹ පවසනු. නියත වශයෙන්ම මීට පෙර දැනුම දෙනු ලැබූවන් වූ ඔවුන් වෙත එය පාරායනය කරනු ලබන විට සුජූද් කරන්නන් ලෙසින් ඔවුහු මුණින් ඇද වැටෙති.

තෆ්සීර්

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු, "නුඹලා එය විශ්වාස කරනු. නුඹලාගේ දේව විශ්වාසය එය කිසිවක් වැඩි කරන්නේ නැත. එසේ නැතහොත් එය විශ්වාස නොකරනු. නුඹලාගේ දේව ප්රතික්ෂේපය එය කිසිවක් අඩු කරන්නේ ද නැත. සැබැවින්ම පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ කියවා දේව පණිවිඩ හා දූතත්වය පිළිබඳ වටහා ගත් අය වනාහි, ඔවුනට අල් කුර්ආනය කියවනු ලැබූ විට අල්ලාහ්ට කෘතවේදීව සිරිස නමමින් ඔවුන්ගේ මුහුණු මත ඇද වැටී සජදා කළහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න