සූරා 17 · ජුස් 15
Al-Isra · 17:106
وَقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَاهُ تَنْزِيلًا
කුර්ආනය, එය නවත නවතා ජනයාට නුඹ පාරායනා කරනු පිණිස අපි එය කොටස් කළෙමු. තවද අපි එය (වෙන් වෙන් වූ) පහළ කිරීම් වශයෙන් අපි එය පහළ කළෙමු.
තෆ්සීර්
අපි ඔහුට අල් කුර්ආනය පහළ කොට පැහැදිළි කළෙමු. එය කියවීමේදී ඉතා පහසුවෙන් හා හික්මීමෙන් ජනයා අතර ඔහු එය පාරායනය කිරීමේ යහපත් බලාපොරොත්තුවෙන් අපි ඔහුට එය විස්තර කර දුනිමු. සැබැවින්ම එසේ පාරායනය කිරීම වටහා ගන්නටත් පරිශීලනය කරන්නටත් වඩාත් යහපත් වන්නේය. එමෙන්ම තත්ත්වයන් හා සිදුවීම්වලට අනුව කොටස් වශයෙන් වෙන් වෙන්ව අපි එය පහළ කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න