සූරා 17 · ජුස් 15

Al-Isra · 17:105

وَبِالْحَقِّ أَنْزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلَ ۗ وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا

තවද අපි එය සත්‍යය පදනම් කර ගෙන පහළ කළෙමු. එය සත්‍යය පදනම් කර ගෙන පහළ විය. තවද නුඹ ව ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙස මිස අපි නොඑව්වෙමු.

තෆ්සීර්

සත්යයෙන් යුතු ව මෙම අල් කුර්ආනය අපි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළෙමු. සත්යයෙන් යුතු ව කිසිදු වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් තොර ව එය ඔහු වෙත පහළ විය. අහෝ දූතය! දෙවියන් පිළිබඳ බියෙන් පසුවන්නන්හට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්නෙකු වශයෙන් හා දෙවියන් ප්රතික්ෂේප කරන හා පිටුපාන ජනයාට නිරය පිළිබඳ බිය ගන්වන්නෙකු වශයෙන් මිස අපි නුඹ ව දූතයෙකු ලෙස නොඑව්වෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න