සූරා 17 · ජුස් 15

Al-Isra · 17:104

وَقُلْنَا مِنْ بَعْدِهِ لِبَنِي إِسْرَائِيلَ اسْكُنُوا الْأَرْضَ فَإِذَا جَاءَ وَعْدُ الْآخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا

තවද ‘නුඹලා මෙම භූමියේ වාසය කරනු. අවසාන ප්‍රතිඥාව පැමිණි විට නුඹලා සියලු දෙනා ව (වෙළා ගනිමින්) අපි පැමිණෙන්නෙමු යැයි ඔහුගෙන් පසු ව ඉස්රාඊල් දරුවන්ට අපි කීවෙමු.

තෆ්සීර්

ෆිර්අවුන් හා ඔහුගේ සේනාව විනාශ කිරීමෙන් පසු ව ඉස්රාඊල් දරුවන්හට අපි, "ෂාම් දේශයේ (සිරියාවේ) පදිංචි වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය උදා වන විට නුඹලා සියලු දෙනා විනිශ්චය සඳහා එක්රැස් කරනු ලබන පිටියට ගෙන එන්නෙමු." යැයි පැවසුවෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න