සූරා 16 · ජුස් 14
An-Nahl · 16:96
مَا عِنْدَكُمْ يَنْفَدُ ۖ وَمَا عِنْدَ اللَّهِ بَاقٍ ۗ وَلَنَجْزِيَنَّ الَّذِينَ صَبَرُوا أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ
නුඹලා වෙත ඇති දෑ විනාශ වී යනු ඇත. නමුත් අල්ලාහ් වෙත ඇති දෑ ඉතිරි ව පවතින්නකි. ඉවසා දරා ගත් අයට ඔවුන් සිදුකරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්රතිඵල අපි පිරිනමන්නෙමු.
තෆ්සීර්
අහෝ ජනයිනි! නුඹලා ළඟ ඇති ධනය වින්දනය හා සැප පහසුකම් අධික ව තිබුණ ද ඒවා අවසන් වී යන්නේය. අල්ලාහ් අබියස ඇති ප්රතිඵල සදා පවතින්නකි. ඉතිරි ව පවතින දෑට වඩා විනාශ වී යන දෑට නුඹලා වැදගත්කමක් දෙනුයේ කෙසේද? ගිවිසුම් මත ඉවසීමෙන් සිට එය කඩ නොකරන්නන්හට සැබැවින්ම අපි ප්රතිඵල පිරිනමන්නෙමු. ඔවුන්ගේ තිළිණ ඔවුන් අවනත වී ක්රියා කරමින් සිටි දෑට වඩා යහපත් වන්නේය. යහපතකට එවන් දස ගුණයක් තිළිණ අපි ඔවුනට පිරිනමන්නෙමු. එය ද හත්සීය ගුණය දක්වාත් ඊටත් වැඩියෙන් ද අධික ලෙස ගුණ කර දෙන්නෙමුෙ
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න