සූරා 16 · ජුස් 14
An-Nahl · 16:97
مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ
යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේව විශ්වාසවන්තයකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අපි ඔහු ව ජීවත් කරවන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්රතිඵල වලට අපි ඔවුනට යහපත පිරිනමන්නෙමු.
තෆ්සීර්
පිරිමියෙකු හෝ වේවා ස්ත්රියක හෝ වේවා කවරෙකු ආගමික පිළිවෙතට අනුකූල ව යම් දැහැමි ක්රියාවක් සිදු කරන්නේ ද ඔහු අල්ලාහ්ව විශ්වාස කළ අයෙකි. සැබැවින්ම මෙලොව ජීවිතයේදී අපි ඔහුට අල්ලාහ්ගේ නියමය ගැන තෘප්තියෙන් පසුවන විශ්වාසය ගොඩ නැගුණු අවනත වීම සඳහා ආශිවාද කරනු ලැබූ යහපත් ජීවිතයක් ගත කරන්නට සලසා දෙමු. සැබැවින්ම ඔවුන් මෙලොවෙහි සිදු කළ දැහැමි ක්රියාවන් සඳහා වඩාත් යහපත් තිළිණ අපි ඔවුනට මතුලොවෙහි පිරිනමන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න