සූරා 16 · ජුස් 14

An-Nahl · 16:95

وَلَا تَشْتَرُوا بِعَهْدِ اللَّهِ ثَمَنًا قَلِيلًا ۚ إِنَّمَا عِنْدَ اللَّهِ هُوَ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

තවද අල්ලාහ්ගේ ගිවිසුම අල්ප මිලකට නොවිකුණනු. නුඹලා දැන සිටියෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් වෙත ඇති දෑ වන එයමය නුඹලාට උතුම් වනුයේ.

තෆ්සීර්

අල්ලාහ්ගේ ගිවිසුම කඩ කිරීමටත් එය ඉටු නොකර අතහැර දැමීමටත් නුඹලා අල්ප මිලකට එම ගිවිසුම හුවමාරු නොකරනු. නුඹලා ඒ ගැන දන්නෙහු නම් සැබැවින්ම එම ගිවිසුම කඩ කිරීම සඳහා නුඹලා ලබා ගන්නා අල්ප මිලට වඩා අල්ලාහ් අබියස ඇති උපකාරය ද මෙලොවෙහි ලැබෙන සම්පත් ද මතුලොවෙහි ඇති සදාතනික සැප පහසුකම් ද නුඹලාට උතුම් වන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න