සූරා 16 · ජුස් 14
An-Nahl · 16:91
وَأَوْفُوا بِعَهْدِ اللَّهِ إِذَا عَاهَدْتُمْ وَلَا تَنْقُضُوا الْأَيْمَانَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ اللَّهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ اللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ
නුඹලා ගිවිස ගත් විට අල්ලාහ්ගේ ගිවිසුම නුඹලා පූර්ණ ව ඉටු කරනු. තවද නුඹලා වෙත භාරකරු වශයෙන් නුඹලා අල්ලාහ් ව පත් කර තිබිය දී නුඹලා දිවුරුම එය තහවුරු කිරීමෙන් පසු ව කඩ නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ දනී.
තෆ්සීර්
නුඹලා අල්ලාහ් සමග ගිවිසගත් ගිවිසුම් හා මිනිසුන් සමග ගිවිස ගත් ගිවිසුම් යන සියල්ල පූර්ණ ව ඉටු කරනු. අල්ලාහ් මත දැඩි සේ දිවුරීමෙන් පසු, නුඹලාගේ දිවුරුම් කඩ නොකරනු. නුඹලා කවර දෙයක් මත දිවුරා සිටියේ ද, එය ඉටු කිරීම සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ් ව සාක්ෂිකරුවෙකු ලෙස පත් කර ගෙන ඇත්තේය. නුඹලා සිදුකරන දෑ සැබැවින්ම අල්ලාහ් දනී. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න