සූරා 16 · ජුස් 14
An-Nahl · 16:92
وَلَا تَكُونُوا كَالَّتِي نَقَضَتْ غَزْلَهَا مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا تَتَّخِذُونَ أَيْمَانَكُمْ دَخَلًا بَيْنَكُمْ أَنْ تَكُونَ أُمَّةٌ هِيَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ اللَّهُ بِهِ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ الْقِيَامَةِ مَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ
ශක්තිමත් ව ගෙතුවායින් පසුව ඇයගේ ගෙතුම දැඩි ලෙස කඩා දමන්නියක් ලෙස නුඹලා නොවනු. එක් සමූහයකට වඩා තවත් සමූහයකට වාසිදායී වනු අයුරින් නුඹලාගේ දිවුරුම් නුඹලා අතර ප්රවේශයක් වශයෙන් නුඹලා ගත්තෙහුය. එමගින් අල්ලාහ් නුඹලා ව පරීක්ෂා කරනු ඇත. තවද නුඹලා කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තේ ද එය මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු නුඹලාට පැහැදිලි කරනු ඇත.
තෆ්සීර්
ගිවිසුම් කඩ කරමින් බුද්ධිහීන අධමයින් මෙන් නුඹලා නොවනු. ලෝම හෝ සේද ගෙත්තම් කිරීමට වෙහෙස වී එම ගෙත්තම මනා ලෙස නිම කළ පසුව, ගෙත්තම් කිරීමට පෙර තිබූ තත්ත්වයටම එම ගෙත්තම ලිහිල් කරන අඥාන කාන්තාවකට එය සමානය. ඇය එය ගෙත්තම් කිරීමට හා එය ලිහිල් කිරීමට වෙහෙස දැරූ නමුත් බලාපොරොත්තුවන දෑ ඇය හිමිකර නොගත්තාය. නුඹලාගේ සතුරු සමූහයාට වඩා නුඹලා බලවත් හා අධික වීම පිණිස නුඹලාගේ දිවුරීම් නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු රවටා දමන වංචනික දිවුරුම් බවට පත් කර ගන්නෙහුය. ගිවිසුම් ඉටු කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාව පරීක්ෂාවට ලක් කරයි. එය නුඹලා විනාශ කරන්නෙහුද?. එසේ නැතිනම් එය කඩ කරන්නෙහුද? මෙලොවෙහි නුඹලා කවර විෂයක මතභේද ඇතිකරගනිමින් සිටියේ ද එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාට අල්ලාහ් පැහැදිලි කරනු ඇත. එවිට ව්යාජ පුද්ගලයාගෙන් සත්යවාදියා ද මුසාවාදියාගෙන් සත්ය පවසන්නා ද හෙළිවනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න