සූරා 16 · ජුස් 14

Allah commands justice · An-Nahl 16:90

۞ إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණත්වය ද කාරුණිකත්වය ද සමීප ඥාතීන්ට පිරිනැමීම ද නියෝග කරයි. එමෙන්ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි.

තෆ්සීර්

අල්ලාහ්ගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ඉටු කරන මෙන් ද, උසස් කොට සැලකීමට අනිවාර්යය යුතුකමක් මත මිස නීතිමය කටයුතු වලදී කෙනෙකු තවත් කෙනෙකුට වඩා උසස් නොකරන මෙන් ද, අමතර දානමය වියදම්, අපරාධකරුවන්ට සමාව දීම වැනි අනිවාර්යය නොවන කටයුතු ගැත්තන්හට අමතරව ඉටු කරමින් උපකාර කරන මෙන් ද, තම ඥාතීන්ට අවශ්ය වන දෑ පිරිනමන මෙන් නියෝග කරන මෙන් ද, අශීලාචාර ප්රකාශ වැනි අයුතු ප්රකාශයන් හා දුරාචාරය වැනි අයුතු ක්රියාවන් වැනි පිළිකුල් සහහගත සියලුම දැයින් වැළකී සිටින මෙන් ද, ෂරීආව හෙවත් ආගමික පිළිවෙත් හෙළා දකින සියලු පාපකම්වලින් වැළකී සිටින මෙන්ද, අපරාධය, මිනිසුන් වෙත අහංකාරයෙන් හැසිරීම වැනි දුෂ්චරිතවලින් වැළකී සිටින මෙන් ද, අල්ලාහ් තම ගැත්තන්හට නියෝග කර සිටියි. මෙම පාඨයේ නුඹලාට කවර දෙයක් අණ කර ඇත්තේ ද, එවන් දෑ හා නුඹලාට කවර දෙයක් තහනම් කර ඇත්තේ ද, එවන් දෑ ගෙනහැර දක්වා අල්ලාහ් නුඹලාට උපදෙස් දී ඇත. එසේ උපදෙස් දී ඇත්තේ එමගින් නුඹලා පාඩම් ලබනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න