සූරා 16 · ජුස් 14

An-Nahl · 16:89

وَيَوْمَ نَبْعَثُ فِي كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيْهِمْ مِنْ أَنْفُسِهِمْ ۖ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰؤُلَاءِ ۚ وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ

සෑම සමූහයකටම ඔවුනට එරෙහි ව ඔවුන් වෙතින් වූ සාක්ෂිකරුවකු අපි නැගිටු වන දින මොවුනට එරෙහි ව අපි නුඹ ව සාක්ෂිකරුවකු වශයෙන් ගෙන එන්නෙමු. තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද දේව ග්‍රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු.

තෆ්සීර්

සෑම සමූහයක්ම ඔවුන් දරා සිටි දේව විශ්වාසය හා දේව ප්රතික්ෂේපය ගැන ඔවුන් මත සාක්ෂි පැවසීම සඳහා ඒ ඒ සමූහයාගේ දහම් දූතයාව අපි අවදි කරන දින අහෝ දූතය! මෙනෙහි කර බලනු. එම දූතයා ඔවුන්ගේම වර්ගයේ කෙනෙකි. ඔවුන්ගේ භාෂාවෙන්ම කතා කරයි. ඒ සියලු සමූහයා මත ඔබ ව සාක්ෂිකරුවකු ලෙස අපි ගෙන එන්නෙමු. හලාල් හෙවත් අනුමත දෑ ද, හරාම් හෙවත් තහනම් දෑ ද, කුසල් හා දඬුවම් ද, වෙනත් කරුණු ද පැහැදිලි කිරීමට අවශ්ය සියලු දෑ නුඹ පැහැදිලි කරනු වස් අපි නුඹ මත අල් කුර්ආනය පහළ කර ඇත්තෙමු. එය මිනිස් සංහතියට සත්ය වෙත මඟපෙන්වන්නක් ලෙසත් එය විශ්වාස කොට එහි ඇති දෑ අනුව කටයුතු කරන්නන්හට ආශිර්වාදයක් ලෙසත් අල්ලාහ්ව විශ්වාස කරන්නන් බලාපොරොත්තුවන සදා සැපත ගැන ඔවුනට ශුභාරංචි දන්වන්නක් ලෙසත් අපි පහළ කර ඇත්තෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න