සූරා 16 · ජුස් 14
An-Nahl · 16:83
يَعْرِفُونَ نِعْمَتَ اللَّهِ ثُمَّ يُنْكِرُونَهَا وَأَكْثَرُهُمُ الْكَافِرُونَ
අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු දනිති. පසු ව ඔවුහු එය ප්රතික්ෂේප කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ප්රතික්ෂේපකයෝය.
තෆ්සීර්
අල්ලාහ් ඔවුන් හට ආශිර්වාද කළ ඔහුගේ ආශිර්වාදයන්, දේවත්වය ආදේශ කරන්නන් හඳුනති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ඔවුන් වෙත එවීමත් එම ආශිර්වාදවලින් එකකි. පසුව ඒ වෙනුවෙන් ඔවුන් කෘතඥ නොවී ඔහුගේ දූතයාණන්ව බොරු කරමින් ඔහුගේ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ශුද්ධවන්ත අල්ලාහ්ගේ ආශිර්වාද ප්රතික්ෂේප කරන්නෝ වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න