සූරා 16 · ජුස් 14
An-Nahl · 16:84
وَيَوْمَ نَبْعَثُ مِنْ كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لَا يُؤْذَنُ لِلَّذِينَ كَفَرُوا وَلَا هُمْ يُسْتَعْتَبُونَ
එදින සෑම සමූහයකින්ම සාක්ෂිකරුවකු අප නැගිටුවන්නෙමු. පසු ව ප්රතික්ෂේප කළවුනට (කිසිදු කටයුත්තක් සඳහා) අවසර දෙනු නොලැබේ. තවද ඔවුහු (අල්ලාහ් වෙත නැඹුරුවන මෙන්) ඉල්ලීම් කරනු ලබන්නන් ද නොවෙති.
තෆ්සීර්
අහෝ දූතය! සෑම සමූහයක් වෙතම එවන ලද දූතයකුම ඔවුන් අතර සිටි දේව විශ්වාසියාගේ දේව විශ්වාසය ගැනත්, දේව ප්රතික්ෂේපකයාගේ දේව ප්රතික්ෂේපය ගැනත් සාක්ෂි කීම සඳහා අල්ලාහ් අවදි කරන දිනය මෙනෙහි කර බලනු. ඔවුන් දේව ප්රතික්ෂේපය මත සිටි බැවින් ඒ සඳහා නිදහසට කරුණු දැක්වීමට දේව ප්රතික්ෂේපකයාට අවසර දෙනු නොලැබේ. ඔවුන්ගේ පරමාධිපති ඔහු ගැන තෘප්තියට පත්වන කටයුතු ඉටු කිරීම සඳහා නැවත මෙලොවට එවනුද නොලැබේ. මතුලොව විනිශ්චයේ නිවහන මිස ක්රියාවන් ඉටු කිරීමේ නිවහන නොවන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න