සූරා 16 · ජුස් 14
An-Nahl · 16:79
أَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاءِ مَا يُمْسِكُهُنَّ إِلَّا اللَّهُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
අහස් ගැබෙහි වසඟ කරන ලද්දා වූ පක්ෂියා දෙස ඔහු නොබැලුවේ ද අල්ලාහ් හැර වෙනත් කිසිවකු ඒවා රඳවන්නේ නැත. නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සංඥාවන් ඇත.
තෆ්සීර්
කුරුල්ලන් අහසේ පියාසර කිරීම සඳහා අල්ලාහ් උන්ට පිරිනමා ඇති අත්තටු සහ සුළඟේ පහසුවෙන් පියාසර කිරීමේ හැකියාව උන්ට වසඟ කර දී තිබීම ගැන දෙවියන්ට ආදේශ තබන්නන් නිරීක්ෂණය නොකළේද? උන්ගේ පියාපත් හකුළා ගැනීමටත් ඒවා විහිදුවන්නටත් අල්ලාහ් උන් හට ඉඩ දී ඇත. අහසෙහි උන් නොවැටෙන පරිදි උන් රඳවාගෙන සිටින්නේ සර්වබලධාරී අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොවේ. මෙසේ වසඟ කර දීමෙහි හා උන් නොවැටෙන සේ රඳවා තැබීමේ දෙවියන් විශ්වාස කරන ජනයාට සැබැවින්ම සාධක ඇත. එම සාධක හා පාඩම් මගින් ප්රයෝජනය ලබන්නේ ඔවුන්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න