සූරා 16 · ජුස් 14

An-Nahl · 16:78

وَاللَّهُ أَخْرَجَكُمْ مِنْ بُطُونِ أُمَّهَاتِكُمْ لَا تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ

නුඹලාගේ මව්වරුන්ගේ කුස් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලා ව බැහැර කළේ අල්ලාහ්ය. තවද ඔහු නුඹලාට ශ්‍රවණය ද බැල්ම ද හදවත් ද ඇති කළේය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස.

තෆ්සීර්

අහෝ ජනයිනි! නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා රුඳී සිටි නියමිත කාලය අවසන් වූ පසු කිසිවක් නොදන්නා බිළිඳෙකු සේ නුඹලාව බැහැර කොට අසන්නට සවන් ද, බලන්නට දෑස් ද, වටහා ගන්නට හදවත් ද නුඹලාට දායාද කළේ අල්ලාහ්ය. එය නුඹලාට පිරිනමා ඇති දායාදයන් වෙනුවෙන් නුඹලා ඔහුට කෘතවේදී වීමේ යහපත් අපේක්ෂාවෙනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න

An-Nahl 16:78 · Tlawati