සූරා 16 · ජුස් 14

An-Nahl · 16:77

وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَا أَمْرُ السَّاعَةِ إِلَّا كَلَمْحِ الْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

අහස්හි හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතුය. අවසන් හෝරාවේ කරුණ ඇසිපිය හෙළන්නාක් මෙන් මිස නොමැත. එසේ නැතහොත් ඊටත් වඩා සමීපය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි මහා ශක්තිවන්තය.

තෆ්සීර්

අහස්හි ගුප්ත ව පවතින දෑහි හා මහපොළොවේ ගුප්ත ව පවතින දෑහි දැනුම අල්ලාහ්ට පමණක් සතුය. එම දැනුම ඔහුගේ කිසිදු මැවීමක් විසින් දැනගත නොහැකි, ඔහුට පමණක් විශේෂිත වූ දැනුමය. එමෙන්ම තමන් අභිමත කළ විට ඇසි පිය වසා නැවත විවෘත කරන තරමට ඉතා සීග්රයෙන් එළැඹෙන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සම්බන්ධයෙන් ගුප්ත ව පවතින විශේෂ දැනුම ද ඔහුට පමණක් සතුය. එය ඊටත් වඩා සමීපයෙන් පවතී. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහුව අසමත් කළ නොහැක. ඔහු යමක් සිතූ විට එයට ‘කුන්’ (වනු) යැයි කියූ වහාම එය සිදුවනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න