සූරා 16 · ජුස් 14
An-Nahl · 16:76
وَضَرَبَ اللَّهُ مَثَلًا رَجُلَيْنِ أَحَدُهُمَا أَبْكَمُ لَا يَقْدِرُ عَلَىٰ شَيْءٍ وَهُوَ كَلٌّ عَلَىٰ مَوْلَاهُ أَيْنَمَا يُوَجِّهْهُ لَا يَأْتِ بِخَيْرٍ ۖ هَلْ يَسْتَوِي هُوَ وَمَنْ يَأْمُرُ بِالْعَدْلِ ۙ وَهُوَ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
තවද අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකු උපමාවක් වශයෙන් ගෙන හැර දැක්වීය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් මත ශක්තිය නොදරන ගොළුවෙකි. ඔහුගේ ස්වාමියාට ඔහු බරකි. ඔහු ඔහු ව කොතැනකට යොමු කළ ද ඔහු යහපතක් ගෙන එන්නේ නැත. එවන් ඔහු හා ඍජු මාර්ගය මත වී යුක්තිය අනුව නියෝග කරන්නා එක සමාන වේවිද?
තෆ්සීර්
ඔවුනට පිළිතුරු වශයෙන් ශුද්ධවන්ත අල්ලාහ් තවත් උපමාවක් මෙසේ ගෙන හැර පෑවේය. එය මිනිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් සවන් දිය නොහැකි, කතා කළ නොහැකි බිහිරෙකි. ඔහුගේ බිහිරි හා ගොලු භාවය නිසා කිසිවක් ඔහු වටහා නොගනී. තමන්ට කිසිදු සෙතක් සැලසිය නොහැකිය. අන් අයටත් සෙත සැලසිය නොහැකිය. ඔහුගේ කටයුතු භාරව කටයුතු කරන, ඔහුව නඩත්තු කරන අයට ඔහු විශාල බරකි. යම් කිසි ප්රදේශයකට ඔහු ඔහුව යැව්වද ඔහු යහතින් නොපැමිණෙයි. අපේක්ෂා කරන දෑ සාර්ථක ව ඉටු නොකරයි. මෙවන් තත්ත්වයේ සිටින්නෙකු සවන් දීමට හා කතාවට මනා හැකියාවක් ඇති විවිධාකාර ප්රයෝජන සැලසිය හැකි කෙනෙකුට සමාන විය හැකි ද? ඔහු මිනිසුනට සාධාරණත්වය නියෝග කරයි. තමන් සම්බන්ධයෙන් කෙළින් කටයුතු කරයි. කිසිදු ඇදයක් හෝ කුතුහලයක් හෝ නොමැති පැහැදිලි මාර්ගය මත සිටියි. එසේ නම් දෙවියන්ට ආදේශ තබන්නනි! කීර්තියෙන් හා පූර්ණත්වයෙන් යුත් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ අල්ලාහ් හා කිසිවක් සවන් දිය නොහැකි, කතා කළ නොහැකි, කිසිදු සෙතක් සැලසිය නොහැකි, කිසිදු උවදුරක් ඉවත් කළ නොහැකි නුඹලාගේ පිළිම අතර නුඹලා සමානකම් පානුයේ කෙසේ ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න