සූරා 16 · ජුස් 14

An-Nahl · 16:75

۞ ضَرَبَ اللَّهُ مَثَلًا عَبْدًا مَمْلُوكًا لَا يَقْدِرُ عَلَىٰ شَيْءٍ وَمَنْ رَزَقْنَاهُ مِنَّا رِزْقًا حَسَنًا فَهُوَ يُنْفِقُ مِنْهُ سِرًّا وَجَهْرًا ۖ هَلْ يَسْتَوُونَ ۚ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

කිසිවක් මත ශක්තිය නොදරන වෙනත් කෙනෙකුට සතු වූ වහලෙකු හා අපගෙන් වූ යහපත් පෝෂණයෙන් අපි ඔහුට පිරිනැමූ එයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ විය පැහැදම් කරන්නෙකුට අල්ලාහ් උපමා ගෙන හැර දක්වයි. ඔවුහු එක සමාන වන්නෝ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.

තෆ්සීර්

දෙවියන්ට ආදේශ තබන්නන්හට පිළිතුරු වශයෙන් ශුද්ධවන්ත අල්ලාහ් උපමාවක් මෙසේ ගෙන හැර පෑවේය. ගනුදෙනු කළ නොහැකි වහල් ගැත්තෙක්-ඔහුට යමක් වියදම් කිරීමට කිසිවක් නැත. තවත් නිදහස් පුද්ගලයෙක් - තමන්ට කැමති පරිදි ගනු දෙනු කිරීමට අනුමත ධනය අප වෙතින් ඔහුට පිරිනමා ඇත. ඔහු කැමති පරිදි ප්රසිද්ධියේ මෙන්ම රහසිගතව එයින් වියදම් කරයි. මෙම පුද්ගලයින් දෙදෙනාම සමාන වන්නේ නැත. එසේ නම් තමන් අභිමත කරන පරිදි තම පාලනය තුළ කටයුතු කරන පාලක අල්ලාහ් අතර හා කිසිවක් කළ නොහැකි නුඹලාගේ පිළිම අතර නුඹලා සමානකම් පානුයේ කෙසේ ද? සියලු පැසසුම් අල්ලාහ් සතුය. පැසසුමට සුදුස්සා ඔහුය. නමුත් අදේශ තබන්නන් බොහෝ දෙනා දේවත්වයෙන් අල්ලාහ් ඛේවල බවත් නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණක් බවත් නොදනිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න