සූරා 16 · ජුස් 14
An-Nahl · 16:74
فَلَا تَضْرِبُوا لِلَّهِ الْأَمْثَالَ ۚ إِنَّ اللَّهَ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ
එහෙයින් නුඹලා අල්ලාහ්ට උපමාවන් ගෙන හැර නොදක්වනු. නියත වශයෙන්ම ඔහු දනී. නමුත් නුඹලා නොදන්නෙහුය.
තෆ්සීර්
අහෝ ජනයිනි, කිසිදු යහපතක් හෝ අයහපතක් හෝ සැලසිය නොහැකි මෙම පිළිම, අල්ලාහ්ට ආදේශ වශයෙන් නුඹලා නොතබනු. නැමදුම් කටයුතුවලදී ඔහුට නුඹලා ආදේශ කරන තරමට කිසිදු හවුල් කරුවෙකු ඔහුට නැත. සැබැවින්ම අල්ලාහ් තමන් සතු කීර්තියේ හා පරිපූර්ණත්වයේ ගුණාංග දනී. නමුත් නුඹලා ඒ ගැන නොදැන ඔහුට ආදේශ තැබීමෙහි වැටී ඇත. නුඹලා ඔහු ව පිළිමවලට සමාන කරමින් ඒවාට කණ්ණලව් කරන්නෙහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න