සූරා 16 · ජුස් 14

An-Nahl · 16:80

وَاللَّهُ جَعَلَ لَكُمْ مِنْ بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُمْ مِنْ جُلُودِ الْأَنْعَامِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ ۙ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَا أَثَاثًا وَمَتَاعًا إِلَىٰ حِينٍ

තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට නිවහන ගෙන දෙන්නක් ලෙස අල්ලාහ් ඇති කළේය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නිවෙස් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේය. තවද උන්ගේ ලොම් උන්ගේ හම් හා උන්ගේ රෝම වලින් භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේය.)

තෆ්සීර්

ස්ථීර පදිංචි ස්ථානයක් ලෙසත් සුව පහසුකම් සහිත ස්ථානයක් ලෙසත් නුඹලා ගලින් හා වෙනත් අමු ද්රව්යවලින් ඉදිකරන නුඹලාගේ නිවෙස් ඔහු නුඹලාට ඇති කළේය. එමෙන්ම ස්ථීර නිවාස මෙන්ම ගම්බද දුර පලාත්වල ඔටුවන් ගවයින් හා එළුවන්ගේ සමෙන් සාදන ලද කූඩාරම් ද ඔහු නුඹලාට ඇති කළේය. නුඹලාගේ ගමනෙහි තැනකින් තවත් තැනකට පහසුවෙන් උසුලා ගෙන ගොස් නුඹලා ගොඩ බසින ස්ථානයේ ඒවා පහසුවෙන් තනා ගත හැකි පරිදි ඔහු ඒවා සැහැල්ලු කර දී ඇත. බැටලු ලෝම, ඔටු හම් හා එළු රෝම නුඹලාගේ නිවෙස්වල ඇතුළත හා පිටත ආවරණය කරන අමු ද්රව්ය ලෙස ඔහු නුඹලාට ඇති කළේය. නියමිත කාලයක් දක්වා නුඹලා එමගින් භුක්ති විඳින්නෙහුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න