සූරා 16 · ජුස් 14
An-Nahl · 16:72
وَاللَّهُ جَعَلَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا وَجَعَلَ لَكُمْ مِنْ أَزْوَاجِكُمْ بَنِينَ وَحَفَدَةً وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ ۚ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ اللَّهِ هُمْ يَكْفُرُونَ
තවද නුඹලා විසින්ම නුඹලාට අඹුවන් අල්ලාහ් ඇති කළේය. තවද නුඹලාගේ අඹුවන් විසින් නුඹලාට දරුවන් හා මුණුබුරන් ඇති කළේය. තවද නුඹලාට යහපත් දැයින් පෝෂණය කළේය. එහෙයින් ඔවුහු විශ්වාස කරනුයේ අසත්යය ද? තවද අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ ද?
තෆ්සීර්
අහෝ ජනයිනි! නුඹලාගේ වර්ගයාගෙන්ම නුඹලා ඇලුම් කරන අඹුවන් නුඹලාට අල්ලාහ් ඇති කළේය. නුඹලාගේ අඹුවන් තුළින් නුඹලාට දරුවන් හා දරුවන්ගෙන් දරුවන් ද ඇති කළේය. මාංශ, ධාන්ය හා පලතුරු වැනි රසවත් ආහාර ඔහු නුඹලාට පෝෂණය කළේය. එසේ තිබිය දී ව්යාජ පිළිම හා ගල් රූ ඔවුන් විශ්වාස කරති. ගණන් කළ නොහැකි අපමණ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ප්රතික්ෂේප කරති. ඔහුව පමණක් විශ්වාස කිරීමෙන් ඔවුහු අල්ලාහ්ට කෘතඥතාව පුද නොකරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න