සූරා 16 · ජුස් 14
An-Nahl · 16:71
وَاللَّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ فِي الرِّزْقِ ۚ فَمَا الَّذِينَ فُضِّلُوا بِرَادِّي رِزْقِهِمْ عَلَىٰ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَهُمْ فِيهِ سَوَاءٌ ۚ أَفَبِنِعْمَةِ اللَّهِ يَجْحَدُونَ
තවද අල්ලාහ් නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා සම්පත් වලින් උසස් කළේය. එසේ උසස් කරනු ලැබූවන් ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ දකුණත් හිමිකර ගත් අයට දීමෙන් වළක්වන්නන් වෙති. එහෙයින් ඔවුහු එහි (ඒවා ලැබීමෙහි) එක සමානය. එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ ද?
තෆ්සීර්
අල්ලාහ් නුඹලාට දායාද කළ පෝෂණ සම්පත්හි නුඹලා ඇතැමෙකු ඇතැමෙක්ට වඩා උත්තරීතර අල්ලාහ් උසස් කොට ඇත. නුඹලා අතර පොහොසතුන් හා දුප්පතුන් ද නායකයින් හා නායකත්වය යටතේ පාලනය වන්නන් ද පත් කළේය. පෝෂණ සම්පත්හි අල්ලාහ් උසස් කළ ජනයා ආධිපත්යයේ ඔවුන්ගේ වහලුන් ඔවුනට සමානයන් වන තෙක් ඔවුනට පිරිනැමූ දෑ ඔවුන්ගේ වහලුන් හටත් පිරිනැමීම ප්රතික්සේප කිරීම සුදුසු නැත. ඔවුන්ගේ වහලුන් ඔවුනට සමාන වී ඔවුන්ගේ හවුල් කරුවන් වීම ඔවුන් පිළි නොගන්නේ නම් අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ඔහු ට සමානයන් තැබීමෙන් ඔවුන් අල්ලාහ් ව තෘප්තියට පත් කළ හැක්කේ කෙසේද? මෙය මොනයම් ආකාරයේ අපරාධයක් ද? අල්ලාහ්ගේ ආශිර්වාදයන් වළක්වාලන මීට වඩා බරපතල යමක් තිබිය හැකිද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න