සූරා 16 · ජුස් 14
An-Nahl · 16:70
وَاللَّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّاكُمْ ۚ وَمِنْكُمْ مَنْ يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْئًا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ قَدِيرٌ
තවද අල්ලාහ් නුඹලා ව මැව්වේය. පසු ව නුඹලා ව ඔහු මරණයට පත් කරන්නේය. දැනුම ලැබුවායින් පසු කිසිවක් නොදන්නා අයුරින් දුබල වියට පත් කරනු ලබන්නන් ද නුඹලා අතර වෙති. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. මහා ශක්තිවන්තය.
තෆ්සීර්
කිසිදු පූර්වාදර්ශයකින් තොර ව අල්ලාහ් නුඹලාව මැව්වේය. පසු ව නුඹලාගේ ආයු කාලය අවසන් වූ වහාම නුඹලාව මරණයට පත් කරන්නේය. නුඹලා අතර වයස් ගත අදියර තෙක් ආයු කාලය දීර්ග කරනු ලබන්නන් ද වෙති. එය වයෝවෘද්ධභාවයයි. ඔහු දැන සිටි දැයින් කිසිවක් නොදන්නා අවදියයි. සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සර්වබලධාරීය. කිසිවක් ඔහු ව පරාජය කළ නොහැක.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න