සූරා 16 · ජුස් 14
An-Nahl · 16:69
ثُمَّ كُلِي مِنْ كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِنْ بُطُونِهَا شَرَابٌ مُخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِلنَّاسِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ
පසු ව නුඹලා සියලු පලතුරු වලින් අනුභව කර නුඹගේ පරමාධිපතිගේ මං මාවත් වල පහසුවෙන් ගමන් ගනු. උගේ කුස තුළින් එහි විවිධ වර්ගයෙන් වූ පානය පිටවෙයි. එහි ජනයාට සුවය ඇත. නියත වශයෙන්ම එහි සිතා බලන ජනයා හට සංඥාවක් ඇත.
තෆ්සීර්
"පසු ව මී මැස්ස, නුඹ ප්රිය කරන පලතුරුවලින් අනුභව කරනු. නුඹේ පරමාධිපති නුඹට පිරිනමා ඇති දැනුම අනුසාරයෙන් මාර්ග අතර පහසුවෙන් ගමන් ගනු." එම මී මැස්සාගේ කුසෙන් විවිධ වර්ගයේ හා විවිධ වර්ණයෙන් යුත් මී පැණි මතු වන්නේය. සුදු, කහ හා වෙනත් වර්ණවලින් ද යුක්තිය. එහි මිනිසුනට බෙහෙත් ද ඇත. රෝගීහු එමගින් ප්රතිකාර ලබති. මී මැස්සාට ලැබී ඇති එම දේව අනුභාවයෙහි හා උන්ගේ උදරවලින් පිටවන මී පැණිවල අල්ලාහ්ගේ බලය හා තම මැවීම්හි -සූක්ෂම ලෙස හසුරුවන- ඔහුගේ සැලසුම් කිරීම විදහා පාන සාධක වටහා ගන්නා ජනයාට ඇත. පාඩම් ලබන්නෝ ඔවුහුමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න