සූරා 16 · ජුස් 14

An-Nahl · 16:7

وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَمْ تَكُونُوا بَالِغِيهِ إِلَّا بِشِقِّ الْأَنْفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَحِيمٌ

නුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමකට උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිතය. මහා කාරුණිකය.

තෆ්සීර්

නුඹලා වෙනුවෙන් අප මැවූ මෙම ගොවිපල සතුන් නුඹලාගේ ගමනෙහි නුඹලාගේ භාණ්ඩ උසුලාගෙන ගමින් ගමට යති. ඉතා අසීරුවෙන් මිස නුඹලා එය ගෙන යන්නට හැකියාවක් නොදැරූහ. අහෝ මිනිසුනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති නුඹලා කෙරෙහි මහා කාරුණිකය. සෙනෙහෙවන්තය. නුඹලාට මෙම ගොවිපල සතුන් ඔහු වසඟ කර දී ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න