සූරා 16 · ජුස් 14

An-Nahl · 16:5

وَالْأَنْعَامَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَ

තවද ගොවිපළ සතුන් ද ඔහු ඒවා නුඹලා වෙනුවෙන් මැව්වේය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්‍රයෝජන ඇත. තවද නුඹලා එවායින් අනුභව කරන්නෙහුය.

තෆ්සීර්

අහෝ ජනයිනි! ඔටුවන්, ගවයින්, එළුවන් යනාදී වශයෙන් ගොවිපළ සතුන් ඔහු මවා ඇත්තේ නුඹලාගේ යහපත පිණිසය. ඒවායෙහි ලොම් හා සම්වලින් ඇඳුම් නිර්මාණය කර ගැනීම එවන් යහපත් දැයින් එකකි. සෙත සලසන තවත් යහපත් දෑ වනුයේ උන්ගේ කිරි, උන්ගේ මස් හා උන්ගේ පිටවල්ය. නුඹලා ඒවායින් අනුභව කරන්නෙහුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න