සූරා 16 · ජුස් 14

An-Nahl · 16:45

أَفَأَمِنَ الَّذِينَ مَكَرُوا السَّيِّئَاتِ أَنْ يَخْسِفَ اللَّهُ بِهِمُ الْأَرْضَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

නපුරුකම් කුමන්ත්‍රණය කළවුන් අල්ලාහ් ඔවුන් ව මහපොළොවට ගිලා බැස්සවීම පිළිබඳ ව හෝ ඔවුන් නොසිතන අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුන් නිර්භිය ව සිටිත් ද?

තෆ්සීර්

අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීම සඳහා කුමන්ත්රණ සැළසුම් කළවුන්, කාරූන් පොළොවට ගිල ගනු ලැබුවාක් මෙන් අල්ලාහ් ඔවුන් ගිලෙන්නට සැලැස්වීම ගැන ඔවුන් සුරක්ෂිත ද? එසේ නැතහොත් දඬුවම පැමිණීම ගැන කිසිදු බලාපොරොත්තුවකින් තොර ව සිටි තත්ත්වයක එම දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න