සූරා 16 · ජුස් 14

An-Nahl · 16:44

بِالْبَيِّنَاتِ وَالزُّبُرِ ۗ وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

තවද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ජනයාට නුඹ පැහැදිලි කරනු පිණිස නුඹ වෙත (අල් කුර්ආනය නොහොත්) මෙම උපදෙස අපි පහළ කළෙමු. එය ඔවුන් වටහා ගත හැකි වනු පිණිසය.

තෆ්සීර්

එම මිනිස් දූතවරුන්, පැහැදිලි සාධක හා පහළ කරන ලද දිව්ය ග්රන්ථ සමග අපි එව්වෙමු. අහෝ දූතය! නුඹ ජනයාට පැහැදිලි කිරීමට අවශ්ය දෑ ඔවුනට පැහිදිලි කරනු පිණිස නුඹ වෙත අපි අල් කුර්ආනය පහළ කළෙමු. ඔවුන්ගේ බුද්ධිය භාවිත කර එහි අන්තර්ගතව ඇති කරුණු තුළින් ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න