සූරා 16 · ජුස් 14
An-Nahl · 16:36
وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ۖ فَمِنْهُمْ مَنْ هَدَى اللَّهُ وَمِنْهُمْ مَنْ حَقَّتْ عَلَيْهِ الضَّلَالَةُ ۚ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නපුරු බලවේග වලින් වැළකෙනු යැයි (ජනයාට අණ කරනු වස්) සැබැවින්ම අපි සෑම සමූහයකටම රසූල්වරයකු එව්වෙමු. එහෙයින් ඔවුන් අතුරින් අල්ලාහ් මග පෙන්වූවන් වෙති. එමෙන්ම ඔවුන් අතුරින් තමන් වෙත මුළාව නියම වූවන් ද වෙති. එහෙයින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු.
තෆ්සීර්
අල්ලාහ්ට පමණක් නමදින ලෙසත් ඔහු හැර පවතින සෙසු පිළිම, නපුරු බලවේග හා වෙනත් දෑ නැමදුම් කිරීම අතහැර දමන ලෙසත් අණ කරන දූතයෙකු පෙර විසූ සෑම සමූහයක් අතරටම සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතර අල්ලාහ් ආශිර්වාද කළ අය ද විය. එවැන්නෝ ඔහු ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේද එය පිළිපැද්දෝය. එමෙන්ම ඔවුන් අතර අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ට පිටු පෑ අය ද විය. අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළේ නැත. ඔවුනට මුළාව නියම විය. එහෙයින් බොරුකාරයින්හට දඬුවම හා විනාශය පහළ වූවායින් පසු ඔවුන්ගේ වාසස්ථාන කෙසේ පවතින්නේ දැයි නුඹලාගේ දෑසින්ම දැක ගනු පිණිස මිහිතලයෙහි සැරිසරා බලනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න