සූරා 16 · ජුස් 14
An-Nahl · 16:35
وَقَالَ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا عَبَدْنَا مِنْ دُونِهِ مِنْ شَيْءٍ نَحْنُ وَلَا آبَاؤُنَا وَلَا حَرَّمْنَا مِنْ دُونِهِ مِنْ شَيْءٍ ۚ كَذَٰلِكَ فَعَلَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ فَهَلْ عَلَى الرُّسُلِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ
අල්ලාහ් අභිමත කළේ නම් අප හෝ අපගේ මුතුන්මිත්තන් හෝ ඔහු හැර වෙනත් කිසිවකු නොනමදින්නට තිබුණි. ඔහුගෙන් තොර ව කිසිවක් තහනම් නොකරන්නට තිබුණි යැයි අල්ලාහ්ට ආදේශ කළවුන් පැවසූහ. ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද එලෙසමය. පැහැදිලි ව දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් රසූල්වරුන් වෙත වීද?
තෆ්සීර්
ඔවුන්ගේ නැමදුම්වල අල්ලාහ් සමග වෙනත් අය හවුල්කර ගත්තවුන්, "අල්ලාහ්ට පමණක් අප නැමදීමටත් ඔහුට කිසිවක් අප ආදේශ නොකිරීමටත් ඔහු අභිමත කළේ නම් ඔහු හැර වෙනත් කිසිවෙකු අප නොනමදින්නට තිබුණි. අප පමණක් නොව අපට පෙර සිටි අපගේ මුතුන්මිත්තන් ද එලෙස නොකරන්නට තිබුණි. එමෙන්ම ව්යාජ සාධක වැනි ඔහු අපට තහනම් කළ යමක් අප තහනම් නොකිරීමට ඔහු අභිමත කළේ නම් එය ද එලෙසමය."යැයි පැවසුවෝය. පෙර සිටි දෙවියන් ප්රතික්ෂේප කළවුන්, "දහම් දූතවරුන්ගේ කාර්යය භාරය වනුයේ ඔවුනට ප්රචාරය කරන මෙන් නියෝග කරනු ලබන දෑ පැහැදිලි ව දන්වා සිටීම පමණි. සැබැවින්ම ඔවුන් එය දන්වා සිටියෝය. අල්ලාහ් ඔවුනට යම් අභිමතයක් ඇති කිරීමෙන් පසු එම ඉරණමට නිදහසට කරුණු දැක්වීමට ප්රතික්ෂේපකයින් හට කිසිදු සාධකයක් නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න