සූරා 16 · ජුස් 14

An-Nahl · 16:37

إِنْ تَحْرِصْ عَلَىٰ هُدَاهُمْ فَإِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ يُضِلُّ ۖ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ

ඔවුන්ගේ යහ මග පිළිබඳ නුඹ ආශා කළ ද නියත වශයෙන්ම අල්ලාහ් නොමග හැරියවුනට මග නොපෙන්වනු ඇත. තවද ඔවුනට උදව්කරුවන්ද නොමැත.

තෆ්සීර්

අහෝ දූතය! මොවුනට උපරිමයෙන් නුඹ ඇරයුම් කරන්නට උත්සාහ දරා ඔවුනට යහමග ලැබිය යුතු යැයි නුඹ ආශා කොට ඒ සඳහා සාධක ගෙන ආව ද, අල්ලාහ් කවරෙකු නොමග හැරියේ ද ඔහුට යහමග වෙත ඔහු ආශිර්වාද නොකරනු ඇත. ඔවුන්ගෙන් දඬුවම වළක්වාලමින් ඔවුනට උදව් කරන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න