සූරා 16 · ජුස් 14

An-Nahl · 16:33

هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ أَمْرُ رَبِّكَ ۚ كَذَٰلِكَ فَعَلَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ

ඔවුන් වෙත මලක්වරුන් පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ නියෝගය පැමිණීම හෝ හැර වෙනෙකක් බලාපොරොත්තු වන්නෝද ? ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද මෙලෙසමය. අල්ලාහ් ඔවුනට අපරාධ නොකළේය. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.

තෆ්සීර්

දෙවියන්ට ආදේශ කරන මෙම බොරුකාරයින්, ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගැනීමටත් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ පිටවල්වලට පහර එල්ල කිරීමටත් ඔවුන් වෙත මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් පැමිණීම හෝ මෙලොවෙහි දඬුවම ඔවුනට අත්කර දෙන අල්ලාහ්ගේ නියෝගය පැමිණීම හෝ මිස වෙනෙකක් ඔවුන් බලාපොරොත්තු නොවන්නේද?. මක්කාවේ විසූ මෙම දේව ආදේශකයින් සිදු කළ ක්රියාව හා සමානව ඔවුනට පෙර සිටි දේව ආදේශකයින් ද සිදු කළෝය. එවිට අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන් විනාශ කරන මොහොතේ ඔහු ඔවුනට අපරාධ නොකළේය. නමුත් අල්ලාහ්ව ප්රතික්ෂේප කොට විනාශයේ සාධක ගෙන එමින් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න